
වලාකුළු අතර දැවටෙන්නට
වරම් නොමැතිමුත් පුන්සද වෙත
නිල් අබර සිසාරා පියා සැලුමට
කාගෙන් තහංචිද සියොතුන් හට
හරිත වන පෙත් සිපගෙන
හමා යා හැකිනම් මද සුළගට
තුරු වදුල තුල සැගවෙන්නට
අවසර නැතිද මුව පොව්වෙකුට
ඇගේ සෙනෙහෙබර ආදරය
නොලැබෙනා බව දැන දැනම
මිරිගුවක් පසුපස හබායන
උමතු පෙම්වතෙකි මම.....



