සොදුරු වූ ඒ මතකය සිතේ රදවාගෙන

කදුළු අතරින් යළි සිනාසෙන්නට හැකි නව ලොවක් සොයාගෙන පියාසලමි සිතිජය හරහා මගේ මන්දාකිණිය වෙතට.....

Wednesday, May 26, 2010

උමතු පෙම්වතෙකි මම.....


ලාකුළු අතර දැවටෙන්නට
වරම් නොමැතිමුත් පුන්සද වෙත
නිල් අබර සිසාරා පියා සැලුමට
කාගෙන් තහංචිද සියොතුන් හට

හරිත වන පෙත් සිපගෙන
හමා යා හැකිනම් මද සුළගට
තුරු වදුල තුල සැගවෙන්නට
අවසර නැතිද මුව පොව්වෙකුට

ඇගේ සෙනෙහෙබර ආදරය
නොලැබෙනා බව දැන දැනම
මිරිගුවක් පසුපස හබායන
උමතු පෙම්වතෙකි මම.....