සොදුරු වූ ඒ මතකය සිතේ රදවාගෙන

කදුළු අතරින් යළි සිනාසෙන්නට හැකි නව ලොවක් සොයාගෙන පියාසලමි සිතිජය හරහා මගේ මන්දාකිණිය වෙතට.....

Tuesday, May 25, 2010

මගේම මන්දාකිණිය වේ ඔබ.......


හන් සිලක් මෙන් දිදුලන
ඔබේ සුන්දර දෙනයන
පරදයි නුබ ගැබ මත දිදුලන
තාරකා සියල්ලෙහි රශ්මිය

පුරන් වූ කෙත් යායක
භයංකර මරු කතරක
ප්‍රියංකර බව ඇතිකල
අහිංසක පොද වැස්ස ඔබ

නිමක් නැති වසන්තයක
සුගන්ධය විහිදුවන
සුසිනිදී සියපතක් මෙන්
දැනෙනවා මට ඔබේ සෙනෙහස

නිසංසල රාත්‍රියක මිහිරියාව සොරාගත්
අසංවරව රගදෙන මා දිවි සයුර මත
සුපෙම්බර පෙම් කවි රහසින් කොදුරන
මගේම මන්දාකිණිය වේ ඔබ.......

No comments:

Post a Comment